සෝමපුර මහා විහාරය (බෙංගාලි: সোমপুর মহাবিহার ශෝම්පූර් මොහාබිහාර්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල රාජවංශයේ දෙවැනි රජු වූ ධර්මපාල විසින් බව සැළකේ. මේ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටිනුයේ එය පාල රාජ වංශයේ තෙවැනි පාලකයා වූ දේවපාල රජුගේ සමයේ ඉදි කෙරුණ බවයි..
පාල රජ සමය ඉන්දියාවේ බුදුදහම ස්වර්ණමය යුගයක පැවති බෞද්ධ විහාර ගණනාවක් ඉදි වූ සමයකි. එකළ රටේ අධ්‍යාපන ආයතන ද ඉතා හොඳ තත්ත්වයේ පැවතිණ. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය, නාලන්දා විශ්වවිද්‍යාලය, ඕදන්තපුර, ජග්ගදාල සහ සෝමපුර වැනි විහාර එකළ ප්‍රකට ස්ථාන විය.
සෝමපුර මහාවිහාරයේ සැලැස්ම එයටම ආවේණික වේ. එහි භූමිය චතුරස්‍රාකාර ය. එහි මධ්‍යයයේ විහාරයක් වන අතර භූමියේ පිටත පවුරට යාබද කුටි 177 ක් වේ. ප්‍රධාන විහාරය අඩි 70 ක් පමණ උසය. එහි ඉහළ සෘජුකෝණී සමතල මුදුනක් වේ. කෙසේ නමුත් මෙය නටබුන් වීමට පෙර එහි කොතක් වන්නට ඇතැයි සිතිය හැක.
විහාර භූමියට ඇතුල් වීමට භාවිතා කළ ප්‍රධාන දොරටුව වූයේ උතුරු දෙසට වන්නටය. මුලුතැන් ගෙය සහ දාන ශාලාව භූමියේ ගිණිකොණදිග කොටසේ පිහිටි අතර ඊසානදිග කොටසේ ද වෙනත් ගොඩනැගිලි කිහිපයක් විය.
මෙම විහාරය ආගමික කටයුතු සඳහා මනාව ගැලපෙන, සරල සහ ඊටම ආවේණික සැළසුමකින් යුක්ත ය. එමෙන්ම එය එකළ ඉන්දියාවේ ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් විය. එහි බලපෑම ගංගානම් ඩෙල්ටාවේ අවට ප්‍රදේශවල මෙන්ම බගාන් සහ ජාවා දූපතේ බෞද්ධ සිද්ධස්ථාන සමහරක් නිර්මාණයේදී ද දිස්වන බව යුනෙස්කෝව පවසයි.
එමෙන්ම 17 වන සියවස පමණ වනතෙක් මෙම ස්ථානය වැදගත් ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් යුනෙස්කෝව කියයි.
මළුවේ මැද භාගයේ පිහිටි මෙම මධ්‍යම ගොඩනැගිල්ලේ අරමුණ එහි ගවේෂණයෙන් අනතුරුවද නොවිසඳී පවතී. එමෙන්ම, සෝමපුර මහා විහාරයේ වාස්තු විද්‍යාව මත මෙතෙක් ජනනය කරන ලද විවාදයන් බොහෝමයක් එහි අතුරුදන්ව ඇති සැකිල්ල හඳුනාගැනීම සඳහා පහසු වී තිබේ. හේතූන් විවිධාකාර විය හැකිය, එහෙත් වඩාත් වැදගත්ම කරුණ වන්නේ පර්යේෂණයන් බැහැරකිරීමේදී, විස්තීර්ණ වාස්තු විද්‍යාත්මක ලියකියවිලි ඇතුළත් සැලකිය යුතු ප්රමාණයේ පලමු පෙළ සම්පත් නොමැතිවීමයි. සෝමපුර මහා විහාරයේ මධ්‍යම ව්යුහය අවසන් කිරීම සම්බන්ධයෙන් විවිධ තර්ක පවතී.
ප්‍රවර්ගය: ලෝක උරුම අඩවි ප්‍රවර්ගය: බංග්ලාදේශය