මිං සොහොන්ගැබ් යනු චීනයේ මිං රාජවංශයේ අධිරාජවරුන් උදෙසා නිර්මාණය කරන ලද මොසෝලියම් සමූහයකි. ප්‍රථම මිං අධිරාජයාගේ සොහොන්ගැබ පිහිටා ඇත්තේ ඔහුගේ අගනගරය වූ නැන්ජිං ආසන්නයේය. කෙසේ නමුත්, මිං සොහොන්ගැබ් බහුතරය පිහිටා ඇත්තේ බීජිං වල සමූහයක් වශයෙන් වන අතර ඒවා සමූහයක් වශයෙන් මිං රාජවංශයේ සොහොන්ගැබ් තිහ (චීන: 明十\u19977 三陵; පින්යින්: Míng Shísān Líng; සාහිත්‍යමය: "මිං මොසෝලියම් තිහ") ලෙස හැඳින්වේ. මේවා පිහිටා ඇත්තේ නාගරික චැන්ග්පින්ග් දිස්ත්‍රික්කයේ බීජිං මහ නගර සභා බල ප්‍රදේශයේය. එවා බීජිං නගර මධ්‍යයේ සිට උතුරු- වයඹ පෙදෙසින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය, ටියැන්ෂෞ කන්දේ දකුණු බෑවුමේ (ආදී හුවෑන්ටු කන්ද) පිහිටා ඇති අතර තෙවන මිං අධිරාජයා වූ යොංලෙ අධිරාජයා විසින් ෆෙං ෂුයි මූලධර්ම වලට අනුකූලව සොහොන්ගැබ් ඉදිකිරීම ආරම්භ කළේය. 1420දී රාජකීය මාළිගයේ (තහනම් නගරය) ඉදිකිරීම් වලින් පසුව යොංලෙ අදිරාජ්‍යයා විසින් සිය භූමදාන ස්ථානය තේරූ අතර තම තනි මොසෝලියම එහි ඉදිකළේය. එයින් පසුව සිටි අධිරාජ්‍යයවරුන්ද ඔවුන්ගේ සොහොන්ගැබ් මෙම නිම්නයේම ඉදිකරන ලදි.
යොංලෙ අධිරාජයාගේ සිට, 13 වන මිං රාජවංශයේ අධිරාජ්‍යයවරුන් එකම ප්‍රදේශයක භූමදාන කෙරුණි. ප්‍රථම මිං අධිරාජයා වූ හොංවූ අධිරාජයාගේ ෂිඔලිං සොහොන්ගැබ නැන්ජිං අගනුවර ආසන්නයේ පිහිටා ඇත. දෙවන අධිරාජයා වූ, ජිඈන්වෙන් අධිරාජයාව යොංලෙ අධිරාජයා විසින් පරාජයකරන ලද අතර ඔහුගේ සොහොන්ගැබ අතුරුදන්ව ඇත. "තාවකාලීන " අධිරාජ්‍යයෙකු වූ, ජිංතායි අධිරාජයාව, මෙම ස්ථානයේ භුමදානය කොට නොමැත. තියාන්ෂුන් අධිරාජයා විසින් ඔහුට රාජකීය භූමදානයක් සිදුකිරීමට ප්‍රතික්‍ෂේප කළනිසා; ඒ වෙනුවට, ජිංතායි අධිරාජයාව භූමදානකරන ලද්දේ බටහිර බීජීං වලය. අවසාන මිං අධිරාජයාවූ චොංෂෙන් අධිරාජයා, ගෙලවැලලා සියදිවි නසාගත් අතර (1644 අප්‍රේල් 25 දින), ඔහුව ඔහුගේ උප බිසවක්වූ තියාන්ගේ සොහොන්ගැබෙහිම භූමදාන කෙරුණි. පසුව එම සොහොන්ගැබ රාජකීය සී ලිං මොසෝලියම ලෙස කෙටිකාලීන රාජවංශයක්වූ ෂුන් රාජවංශයේ, රජකළ ලී ෂීචෙං අධිරජු විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මිං අධිරාජ්‍යයවරුන්ගේ අනෙකුත් සොහොන්ගැබ් හා සසඳන විට මෙම සොහොන්ගැබ ප්‍රමාණයෙන් කුඩා එකකි.
මිං රාජ සමය වනවිට සාමාන්‍ය ජනයා හට රාජකීය සොහොන්ගැබ් වලට ඇතුළුවීම පවා තහනම් විය.නමුත් 1644 දී ලී ෂීචෙං' ගේ හමුදාව එම සොහොන්ගැබ් කොල්ලකන ලද අතර එම වසරේ අප්‍රේල් වලදී බීජිං ආක්‍රමණය කොට යටත් කරගැනීමට ප්‍රථමයෙන් සොහොන්ගැබ් බොහෝමයකට ගිනිතබන ලදි.
1725දී, ක්විං රාජවංශයේ යොංෂෙං අධිරාජයා විසින් සොහොන්ගැබ් වල උරුමය පිළිබදව නීත්‍යානුකූල අයිතිය ෂූ ගෘහයේ මිං රාජවංශයේ රාජකීය පවුලේ, පාරම්පරික වංශාධිපති උරුමක්කරුවෙකු වූ ෂූ ෂිලිඈං වෙත ප්‍රධානය කරන ලදි. මොහු විසින් ක්විං රජය වෙතින් වැටුප් ලැබූ අතර මොහුගේ කාර්යය වූයේ මිං සොහොන් ගැබ් සඳහා සාම්ප්‍රධායික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමයි.එසේම චීන සාම්ප්‍රධායික ශ්වේත වර්ණ ධජ නිර්මාණය කොඩි අට ඇරඹීම සිදුවිය. පසු කාලීනව 1750දී ක්විංලොං අධිරාජයා විසින් දීර්ඝ කාළීන වංශාධිපති වරප්‍රසාදය නම් තනතුර ෂූ ෂුලිඈං හට ඔහුගේ මරණින් පසු ප්‍රධානය කරන ලදි. අනතුරුව මෙම තනතුර ක්විං රාජවංශයේ අවසානය දක්වා සිටි දොළොස්වන පරම්පරාවේ මිං උරුමක්කරුවන් දක්වා හිමිවිය.
වත්මන වනවිට, මිං සොහොන්ගැබ් සහිත ප්‍රදේශය ලෝක උරුම ප්‍රදේශයක් බවට පත්කර ඇත. බීජිං සහ ලිඔනින්ග් පළාත්හි මිං සහ ක්විංග් රාජ වංශවල රාජකීය සොහොන්ගැබ්, පවතින ප්‍රදේශද මීට ඇතුළත් කර ඇත.
මිං රාජවංශයේ රාජකීය සොහොන්ගැබ් පිහිටුවීමේදී ප්‍රවේසම් සහගතව ෆෙං ෂුයි (geomancy) මූලධර්ම භාවිතයට ගැණිනි. මෙයට අනුව, නරක ආත්ම සහ අශුභ සුළග සමපාතව උතුරු දිශාවට හරවන ලදි.මෙම නිසා දුනු හැඩැති නිම්න ප්‍රදේශ සහිත වූ ජුන්ඩු කන්දේ, බීජිං හි උතුරු ප්‍රදේශය ඒ සඳහා තෝරාගන්නා ලදි. මෙම වර්ග කිලෝමීටර් 40 ක භූමි ප්‍රදේශය පුරාතන කදු, කළු පැහැති බිමක් සහිත නිහඬ නිම්නයක්, නිශ්චල ජලය සහ වෙනත් අවශ්‍යතා වන මිං යුගයේ විශාල සුසානභූමියක් සඳහා වන ෆෙං ෂුයි මූලධර්ම වලින් ආවරණය විය. මෙහි 7-kilometer (4 mi) සංකීර්ණය තෙක් දිවෙන "ආත්ම මග" නමින් හැඳින්වූ මාර්ගයන්හි (පින්යින්: Shéndào), පේළියට පිහිටවූ උද්‍යාන සතුන් සහ නිලධාරීන්ගේ පිළිම ඇති අතර, ඉදිරි ද්වාරය හා සම්බන්ධ කරන ලද ආරුක්කු ත්‍රිත්වය සහිත රතු පැහැයෙන් වර්ණ ගැන්වූ ගේට්ටුව "ශ්‍රේෂ්ඨ රතු ද්වාරය " ලෙස හැඳින්වේ. ආත්ම මග හෙවත් පාරිශුද්ධ මාර්ගය ආරම්භ වන්නේ ඉදිරි ප්‍රදේශයේ ඇති සුවිසල් පාෂාණමය ආරුක්කු පේළියකිනි. 1540දී, මිං රාජවංශ සමයේදී ඉදිකරන ලද මෙම ආරුක්කු සහිත මාර්ගය අදටත් චීනයේ පවතින විශාලතම පාෂාණමය ආරුක්කු නිරූපිත මාර්ග වලින් එකකි.
තව දුරටත් මෙහි, ශෙන්ගොං ෂෙංඩේ ලේඛන සහිත ශිලා ස්තම්භ වලින් සමන්විත වන මණ්ඩපයක් දැකගත හැක. එහි අභ්‍යයන්තරයේ, මතක පුවරුවක් දරා සිටින ටොන් 50ක් පමණ බරැති ගල් පිළිමයක් වන බිෂි දැකගත හැක.සුදු කිරිගරුඬ ස්ථම්භ සතර